මේ SDLC කියන්නේ මචන් cook book එකක් !! ඒ කියන්නේ හරියට manual guide book එකක් වගේ සීන් එකක් හැබැයි ඔව් cook book එකක් කියන්නේ කෑම වට්ටෝරු පොතක් නේ. දැන් මෙහෙම හිතපන් උබට ඕනේ වෙනවා පරිපුවක් හදා ගන්න. නැ ඒ පරිප්පු නෙමේ කන පරිප්පු. මේ පරිප්පු වේ recipe එක විදිහට තමා අපි හදන්නේ ඒ කියන්නේ 2 කුට නම් ලුණු තේ හැදී භාගයයි, පරිප්පු කොප්පයි, මිරිස් කරල් 2 යි කහ තේ හැදී කාලයි ඇයි ඒ? අපිට ලුණු මේස හැන්දක් මිරිස් කරල් 10 විතර ගන්න තහනම්ද? නැ මචන් තහනම් නැ හැබෙයි එහෙම හදපල්ලා කාගෙවත් බාධාවක් නෑ. මේකයි මචන් අපිට කලින් පරම්පරාවේ මිනිස්සු මෙන්න මේ පරිප්පුව හදන විදිහ වැරදිලා වැරදිලා වැරදිලා ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා හෝ හෙවිලා තියෙනවා අපිට වඩාත් හොදින් කොලිටියට පරිප්පුව හදාගන්න :O
ඉතින් මේ SDLC පරිප්පුව "මෘදුකාංග වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයක්". ඒ කියන්නේ හැමදාම පරිප්පුව හදනවා ඉවර වෙන්නේ නෑ. හරියට සංසාර චක්රේ වගේ.
මෘදුකාංග ජීවන චක්‍රය ඉවර වෙන්නේ නෑ කියන්නේ බන්ස්, අපේ සංසාර ච්ක්රේ ඉපදෙනවා, හොද නරක කරනවා, මැරෙනවා, ආය ඉපදෙනවා, හොද නරක කරනවා,මැරෙනවා, අයේ ඇති ඇති ඒ වගේ මේ ච්ක්රේ
මන් කෙලින් ම බහිනවා ගේමට
Problem Definition
මෙතනදී වෙන්නේ මචන් අපගේ ප්‍රශ්නය තේරුම් ගන්නවා, ඒ කියන්නේ වර්තමානයේ පවතින හස්ත ක්‍රමයේ දුර්වලතාව, පරිගණක තාක්ෂනයෙන් දුරු කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා.හිතපන් "පොල් ස්ටෝර්ස්" කියලා කාර්යාලයක් තියෙනවා හසත්මය දත්ත පරිපාලනය කරන ඒ කියන්නේ Manual Data Inputting තවත් පැහැදිලිව කිව්වොත් අතින් පොත් තබමින් කටයුතු කරනවා. ඉතින් මේ ක්‍රමේ හොදයි හැබැයි මේකේ දී යන කාලය ශ්‍රමය ඉතුරු කර ගන්න අපිට නවීන පරිගණක තාක්ශනේ භාවිතා කරන්න වෙනවා
මෙන්න මෙතනදී අපිට ප්‍රශ්නය හා විසදුම පැහැදිලියි, මොකද්ද ප්‍රශ්නය මොකද්ද විසදුම
ප්‍රශ්නය :MDI(Manual Data Inputting) වලදී සිදුවන කාලය ශ්‍රමය ඉතිරි කර ගැනීම හා තොරතුරු මනා ලෙස කළමනාකරණය කිරීම.
විසදුම : අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි POS එකක් සැදීම. ඒ කියන්නේ Point of Sales මෘදුකාංගයක් තැනීම.
ඉතින් මෙතනදී කාර්යාලේ බලධරයන්ගේ අවශයතාවවට අනුව තමා අපි ඊලග අවස්ථාවට යන්නේ.
System Analysis
මෙතන දී අපට ප්‍රශ්නය තුලට කිදා බහින්න වෙනවා, ඒ කියන්නේ වර්තමාන පද්ධතියේ භාවිතා කරන බිල්, අත් පොත් , ෆයිල් හා බලධරයන්ගෙන් තවත් මේ පිලිබදව විමසන්න වෙනවා.ඇයි ඒ මචන් මෘදුකාංග නිපදවීම කියන්නේ ලැප දිග ඇරගෙන කට බලි කර ගෙන මොකාද එකා වගේ කෙටිල්ල විතරක් ම නෙමේ. ඒ කෙටිල්ල තියෙන්නේ ස්ටේජ් කිහිපයක් තුල විතරයි. අනෙක කෙටිල්ලත්
ආවට ගියාට කොටලා එන ගන්න තමා වෙන්නේ හරි හරි ,
ඉතින් මෙතනදී මන් කලින් කිව්වාලියකියවිලි පරික්ෂා කරමින් වර්තමාන පද්ධතිය විශ්ලේෂණය කරමින් ඉගෙන ගන්නවා. ඒ වගේ ම මෙතනදී පද්ධති සීමාව හදුනාගැනීමත් සිදුවෙනවා. ඒ කියන්නේ අපේ අලුත් මෘදුකාංගයේ තියෙන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියන දේ පිලිබදව අවශ්‍යතා මගින් පැහැදිලි අවබෝධයකට එලබෙනවා. හා ඒවා ලේඛන ගත කරනවා
මේ අවබෝධය ලබා ගන්න විශ්ලේෂණාත්මක ටූල්ස් භාවිතා කරනවා. ඒ වා තමා data dictionary,Logical Data Structure කියන දේවල්.
Program Design
මෙන්න මෙතනදී තමා කොල්ලෝ අපි හදන මෘදුකාන්ගය අවශ්‍යතාවයන්ට අනුව හදන්නේ කොහොමද කියන එක නිර්මාණය කිරීම. මේ සදහා top-down,bottom-up,Structure Programming,Modular Programming,DFD,ER,Flochart භාවිතා කරන්නේඅනිත් දේ මේක හදන්න භාවිතා කරන පරිගණක භාෂාව පිලිබදවත් තීරණය කරවා.
Coding
ඔන්න කෙටිල්ල මෙතනදී වෙන්නේ අපේ කලින් ස්ටේජ් එකේ නිමැවුම තෝරාගත් පරිගණක භාෂාවෙන් පරිගණකයට කීම.Testing
මෙතනදී බලන්නේ මචන් අපේ අවශ්‍යතාවට අනුකූලව අපි Coding කරාද කියලා බලන එක. ඒ වගේම coding එකේ වැරදිත් අහු කරගෙන ඒවා නිවැරදි කරනවා .Debugging
කුරුමිණි වධය, ඒ කියන්නේ Program & Run time Error හොයාගෙන අයින්කරලා නිවැරදි කරනවා.අනිත් එක Documentation හදන්නෙත් මෙතනදී Documentation වර්ග කිහිපයක් තියෙනවා,
Programe Documentation ,Operation Documentation ,User Documentation ,Management Documentation ,System Documentation
Implementation
ඔන්න හරි දැන් පාරිභෝගික අවශ්‍යතාවට අනුකූල මෘදුකාංගය සදා අවසන්. දැන් තියෙන්නේ පෙන්නන්නහැබැයි එහෙම බෑ ගොයියෝ උබ දන්නවද මේක කස්ටෝමෙර්ට දුන්නා වගේ නෙමෙයි Modification කරන්නත් අප බැදිලා ඉන්නේ. ඒකත් ඔලුවට ගනින්.
ඉතින් Implementation වර්ග කිහිපයක් තියෙනවා,
Direct Implementation ,Phase Implementation ,Manual Implementation ,Pilot Implementation
මේ SDLC කියන කතන්දරෙ ක්‍රම ක්‍රමයෙන් 1960 වන විට SDLC යම්තාක් දුරට වර්ධනය උනා ඒ ගණන් වලදී හිටපු මෘදුකාංග ඉජිනේරුවෝ තමන්ගේ විශේෂ අවශ්‍යතා වලට මෘදුකාංග නිපදවන්නත් ආරම්භ උනා. ඉතින් මේ සරල ක්‍රමවේදය උනේ Planning,Building,Testing හා Implementing කියන දේ විවිධ මෘදුකාංග නිපදවන සමාගම් මගින් මෙය භාවිතා කරා. ඔහොම යද්දී මචන් ඒ company මගින් මේ ක්‍රම වේදය වැඩි දියුණු කරමින් විවිධ සංස්කරණ ඉදිරිපත් කරමින් Software Development Model කියන දේ හොයා ගත්තා. මේ ලියන මොහොත වන විටත් Model 18 පමණ හොයාගෙන තියෙනවා. මෙම MODEL ගැන මම පස්සේ කතාකරනං.
හරි හරි මන් හිතනවා උබලට SDLC ගැන වැටහීමක් දැන් ඇති කියලා
අපි බලමු මේකේ වාසි මොනවද කියලා
01.උසස් තත්වයෙන් හා නිවැරදිව මෘදුකාංග නිපදවීම
යම් ක්‍රමවේදයක් අනුකූලව මෘදුකාංග නිපදවීමේ දී එහි නිරවද්‍යතාවය හා තත්වය බොහෝ ලෙස සුරකිනවා. ඕනෑම කෙනෙක් ට මෘදුකාංග කොටන්න පුළුවන්, එත් මචන් අත්දැකීම් හා පෘථුල දැනුමක් නෑ.මේ ක්‍රම වේදය තුලින් තමාගේ ඉදිරිය පෙන්වා. ඒ තුලින් සාර්ථක නිපැයුමක් සිදුකරනවා.
02.පද්ධතිය ක්‍රියාවට නං වීම හා පරිපාලනය පහසු වීම.
100% වැරදි රහිත මෘදුකාංගයක් හදන්න බෑ මචන් බැරි වේලක්වත් ඉතින් කරුමෙටවත් එහෙම උනොත් අපි documentation කරලා තියෙනවා පද්ධතියේ code ගැන අනං මනං කතන්දර පැහැදිලිව ඉතින්. අපිට පුළුවන් පහසුවෙන් පරිපාලනය කරන්න.
03.පහසුවෙන් customerට ග්‍රහණය වීම හා විසදුම් ලැබීම
මේකත් කලින් එකට සම්බන්ධයි. Well Format documentation එකක් මගින් මේ සියල්ල කල හැකියි.
හම්මේ අදට හොදට ම ඇති. හෙට මම උබලට තවත් මොකක් හරි සිද්ධියක් අරන් එන්නන්.

PokerStars Casino NJ Promo Code, No Deposit Bonus
ReplyDeletePokerStars offers a free $20 밀양 출장샵 no 광주 출장샵 deposit 시흥 출장마사지 bonus 의왕 출장마사지 to their new 남양주 출장마사지 customers on sign up for the account. The bonus funds the new players will receive as part